Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Clean Sri Lanka වැඩසටහනට කැබිනට් අනුමැතිය

2 years ago

Clean Sri Lanka අරමුදලක් පිහිටුවීමට සහ එහි කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන නව රජයේ දැක්ම අනුව මෙහෙයවනු බලන මෙම පරිවර්තනීය මුල පිරීම සාමාජිය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනික, සාමාජීය, ආධ්‍යාත්මක මෙන්ම පාරිසරික වශයෙන්ද සැලකිය යුතු පසුබෑමකට ලක්වීම සැලකිල්ලට ගෙන මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රමණය තහවුරු කිරීම තුලින් ජාතික අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සිදු කරනු ලබන ජාතික මෙහෙයුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.