Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණියකට ජීවිතය අහිමි කළ පෙම් සබඳතාව

2 years ago

පුද්ගලයෙක් විසින් තරුණියකට සිදුකළ පහරදීමකින් ඇය ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ සිරිපාගම පොලිස් වසමේ කැටවල ප්‍රදේශයෙන්.

ඊයේ (04) උදෑසන මෙය සිදුව තිබූ අතර පහරදීමෙන් තුවාල ලැබූ තරුණියව ගිලීමලේ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර  සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 23ක් වු රත්නපුරය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇයට පහරදීම සිදු කළ පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා සිරිපාගම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.