2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා සුරාබදු බලපත්‍ර ගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය ඊයේ සභා නායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබුවේය.
ඔහු පෙන්වා දුන්නේ අදාල කාලය තුළ වයින් ස්ටෝස් යටතට ගැනෙන FL 4 බලපත්‍ර 172ක් දේශපාලන වාසි අපේක්ෂාවෙන් නිකුත් කර ඇති බවය.
එහිදී අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේය.
“මේවායින් විශේෂයෙන්ම අපි දන්නවා සිල්ලරව මත් පැන් අලෙවි කරන අපි වයින් ස්ටෝස් කියන මත්පැන් අලෙවි හල්වලට නිකුත් කරන්නේ එන්එල් 4 කියන බලපත්‍ර.
එවැනි බලපත්‍ර ලබා දී තිබෙනවා මෙම කාලය තුළ මේ ආකාරයට.
කොළඹට 22යි ගම්පහ 18යික කළුතර 08යි. ගාල්ල 09යි. මාතර 05යි. හම්බන්තොට 05යි. යාපනය 05යික කිලිනොච්චිය 16යි. වව්නියාව 2යි. මන්නාරම 02යි ත්‍රීකුණාමලය 4යි. මඩකලපු 1යි . අම්පාර 5යි. මහනුවර 11යි. මාතලේ 06යි… නුවරඑළිය 08යි. අනුරාධපුර 4යි. පොලොන්නනරුව 03 යි. පුත්තලම 06යි. කුරුණෑගල 08යි. බදුල්ල 09යි. මොනාරාගල 07යි. රත්නපුර 06යි. කෑගල්ල 02යි. එකතුව 172යි. බාර් ලබා දුන් අයගේ නාම ලේඛන සියල්ල තියනවා. අප එය සභාගත කරනවා. මෙම බාර් දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කිරීම සඳහා ලබා දුන් ඒවා කියලා අප පැහැදිලිව ම කියන්න කැමතියි.”
සභානායකවරයා විසින් සභාගත කළ සුරා බදු බලපත්‍ර ලබා ගත් පුද්ගලයින්ගේ නම ලේඛනය පහතින්.
