Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බීමතින් අධිවේගයේ යතුරුපැදිය පැදවූ පොලිස් කොස්තාපල් කාර් රථයකුත් හප්පයි(වීඩියෝ)

4 years ago

කොළඹ පිටත වටරවුම් මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් අනතුරුදායක ලෙස ධාවනය කරමින් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙම්මුල්ල පොලිසියට අනුක්ත කොස්තාපල්වරයෙක් බවයි දක්ෂිණ අධිවේගී අතුරුගිරිය රථ වාහන අනු පාලක මධ්‍යස්ථානය සඳහන් කළේ.

සුඛෝපභෝගී මෝටර් රථය කඩවත සිට මාතර දෙසට පැමිණීමේදී සැකකාර කොස්තාපල් එම මාර්ගයේම කඩුවෙල සිට කඩවත දෙසට යතුරුපැදිය අනතුරුදායක ලෙස ධාවනය කර මෙම අනතුර සිදු කර
තිබූ බව පොලිසිය සඳහන් කළේ.

අනතුරින් සුඛෝපභෝගි මෝටර් රථයේ ඉදිරිපස වම්පසට බරපතල අලාභ සිදු වී ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොස්තාපල්වරයා අධික ලෙස මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එම විඩීයෝව නැරඹීමට