ඊයේ (06) රාත්‍රියේ පානදුර උතුර, ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සංගීත වැඩසටහනකට සහභාගී වී සිටිය දී ජනප්‍රිය ගායන ශිල්පී නදිමාල් පෙරේරා පහර කෑමට ලක්ව තිබෙනවා.
පහර කෑමෙන් තුවාල ලැබූ ඔහු පානදුර මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා.
පහර දුන් බව කියන මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින් පවත්වනු ලැබූ සංගීත වැඩසටහනකට සහභාගි වූ ජනප්‍රිය ගායන ශිල්පී නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සවයකට සහභාගි වූ පුද්ගලයකු පහර දී ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට ද අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු ද පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පහරදීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි පානදුර උතුර පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද (07) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
