Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

2 years ago

සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන  ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ, සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවය.

රටේ ඉදිරි වසර 10 සඳහා ජාතික ප්‍රතිපත්ත සම්පාදනයට, සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වෙන තොරතුරු මෙම සංගණනයෙන් රැස් කිරීම සිදු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගණන් ගන්නා නිලධාරියෙක් සංගණනය සඳහා තොරතුරු රැස්කිරීමට ඕබේ නිවසට නොපැමිණියහොත් 1901 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙසයි.

කෙසේවෙතත් එම සංගණන කටයුතු දෙසැම්බර් මස 23 වන දිනෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

A

මෙම වර්ෂය සඳහා වන සංගණන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය මෙම අදහස් පළ කළාය.