රිදීයගම සෆාරි උද්‍යානයේ සිටින සිංහ ධේනුවන් දෙදෙනෙකු සඳහා සිංහ පැටවුන් 06 දෙනෙකු උපත ලබා තිබෙනවා.
ඒ මෙවර සිංහ පැටවුන් තිදෙනා බැගින් උපත ලබා ඇත්තේ වයස අවුරුදු 10ක් පමණ වන ලාරා නමැති සිංහ ධේනුවට හා ඇයගේ දියණියක වන ඩෝරා නැමති අවුරුදු 04ක් වයසැති සිංහ ධේනුවටයි.
එම සිංහ පැටව්න්ගේ වයස මසකට වැඩි බව සෆාරි උදානයේ නිලධාරින් පවසයි.
මේ වනවිට මෙම සිංහ පැටවුන් 6 දෙනා සෆාරී උද්‍යානය තුළ ඉතා සෞඛ්‍ය සම්පන්නව කල් ගෙවන අතර, ඉදිරි සති කිහිපයේදී මහජන ප්‍රදර්ශනය සඳහා වෙනම කලාපයකට මුදාහරින බව ද සෆාරි උදානයේ නිලධාරියෙකු පැවසීය.
