මේ වනවිට වෙළඳපොළේ අලෙවි කිරීම සඳහා තබා ඇත්තේ නිරෝගී සතුන්ගේ සූකර මස් බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසනවා.
අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් පසුගිය කාලය පුරා සූකර මස් ප්‍රවාහනය සහ අලෙවිය සීමා වුණා.
ඒ හේතුවෙන් දිවයින පුරා ඌරු ගොවිපල හිමියන් පත්වූයේ දැඩි ආර්ථික අපහසුතාවයකටයි.
කෙසේ වෙතත් ආදාළ වසංගතය පාලනය කර ඇති බැවින් පශු වෛද්‍යවරුන් සහතික කළ සූකර මස් පමණක් මිල දී ගන්නා ලෙස පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
