කාලයක් තිස්සේ උතුර පලාත තුළ ක්‍රියාත්මක වූ මැර කණ්ඩායමක් වන ආවා කල්ලියේ නායකයා යැයි කියනු ලබන පුද්ගලයා කැනේඩියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසන්න නල්ලලිංගම් නමැති තිස් දෙහැවිරිදි පුද්ගලයෙකි.
මිනිස් ඝාතන සම්බන්ධයෙන්ද සැකකරුවෙකු වන මෙම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත් වේ යැයි බියෙන් බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් ඇති අතර එතැනින් කැනඩාවට ගොස් තිබේ.
ප්‍රංශ ජාතික තරුණයෙකු ඝාතනය කිරීමේ සිදු වීමක් සම්බන්ධයෙන් ප්‍රංශ පොලිසියට මෙම පුද්ගලයා සොයමින් සිට ඇති බව වාර්තා වේ.
කැනේඩියානු බලධාරීන් ලබන මැයි මාසයේ දී මෙම පුද්ගලයාට එරෙහිව නඩුව විමර්ශන කොට,
පසුව ප්‍රංශයටද සංක්‍රමණය වී ඇති සැකකරු එරට මෙවැනිම ‘කල්ලියක් නිර්මාණය කරමින්’ ගැටුම් ඇතිකර ඇති බවටද වාර්තා වනවා.
ප්‍රංශයේදී සිදුවු එවැනි ගැටුමකදී තරුණයකු මියගොස් තවත් කෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.
