Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට ඇමරිකානු රජයේ සහාය

2 years ago

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මැතිණිය අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී තිබෙනවා.

නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීමත් දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා කිරීමත් මෙම හමුවේ අරමුණ වී තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍යය තාක්ෂණික හා අනෙකුත් සහයන් ලබාදීමට ඇමරිකානු රජය කැමැත්තෙන් පසුවන අතර ඉහළම ජනප්‍රසාදයකින් බලවත් ජනවරමක් ලබා ඇති නව රජය ලාංකීය ජනතා අභිලාශයන් ඉටුකරනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කරන බවත් ඒ සඳහා ඇමරිකානු රජයේ සහය ලැබෙනු ඇති බව ඇමරිකානු තානාපතිතුමිය ප්‍රකාශ කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නව රජයේ බලශක්ති ප්‍රතිපත්තිය හා බලශක්තිය පිළිබද දැක්ම විස්තර කළ අතර විශේෂයෙන්ම පුනර්ජනනීය විදුලිබල ක්ෂේත්‍රය සඳහා ඇමරිකානු රජයේ සහය අපේක්ෂා කරන බවද සුවිශේෂි මිතුරු රටක් ලෙස ඇමරිකානු මිත්‍රත්වය සහ සහය ඉහළින්ම අගය කරන බවද ප්‍රකාශ කර සිට තිබෙනවා.