පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පසුගිය වසර 04 ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථීක අර්බුදය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට දැඩි ලෙස බලපා ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් බැංකුවලින් ලබා ගත් ණය පියවීමේදී දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වී ඇතැයි රජය පවසනවා
එම තත්ත්වය යටතේ ණය පැහැර හැරීම නිසා සැලකිය යුතු ව්‍යාපාරික පිරිසකගේ දේපළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීමේ පරිසරයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් 1990 අංක 4 දරන බැංකු මඟින් ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට සංශෝධනයක් ගෙන ඒම මඟින් දේපළ ප්‍රසිද්ධ වෙන් න්දේසියේ විකිණීම දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබුණා.
පරාටේ නීතිය අත්හිටු වීම තවදුරටත් දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම් මඟින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව, දේපළ වෙන්දේසි කිරීමට ඉඩ දීම වෙනුවට එවැනි ණය ආපසු ගෙවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දීම මඟින් දෙපාර්ශ්වයටම සාධනීය විසඳුමක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වඩා සුදුසු බව රජය විසින් නිරීක්ෂණය කර ඇති බව සඳහන්.
