Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප! දැඩි ඇප කොන්දේසි පනවයි!

2 years ago

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් පිරිසට ඇප ලබා දී තිබෙනවා.

එම සැකකාර පුද්ගලයන් අට දෙනෙකු එක් අයෙකුට රු 100,000 බැගින් වූ මුදල් ඇප හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ශරීර ඇප සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉෂර්ඩීන් අද (10) නියෝග කර තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් 08 දෙනාට දැඩි ඇප කොන්දේසි පනවමින් විදේශ ගමන් තහනමක් නිකුත් කළ විනිසුරුවරයා එම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් සෑම ඉරිදා දිනයකදීම අතුරුගිරිය පොලීසියේ පෙනී සිට අත්සන් කළ යුතු බවටත් නියෝග කළේය.

පසුගිය ජුලි මස 8 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවටක එක්වෙමින් සිටියදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තට වෙඩිතබා ඝාතනය කෙරුණි.

එම වෙඩි තැබීමෙන් තවත් අයෙක් මියගිය අතර අදාළ ඝාතනය සිදුකිරීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.