පසුගිය දෙසැම්බර් 2 වනදා පැලවත්ත, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පාසල් සඳහා අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරින් පැවැත් වූ උද්ඝෝෂණයේදි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සිව්දෙනා ඇප මත මුදා හැර තිබේ.
ඔවුන් ව අද (10) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ ඇප මත මුදාහැර තිබුණි.
එම උද්ඝෝෂණය අතරතුරදී පොලිස් නිලධාරීන් තිදෙනෙක් කැපුම් තුවාල ලැබූ අතර එම සිදුවීමෙන් අනතුරුව එම උද්ඝෝෂකයින් ව අත්අඩංගුවට ගැනුණි.
තමන් ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලමින් පාසල්වල ඉගැන්වීම් සඳහා අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් එම උද්ඝෝෂණය පැවැත්වීය.
