2024 වසරේ ශ්‍රී ලාංකීක විවාහක රූ රැජිණ කිරුළ හිමිකර ගැනීමට ඉශාදි අමන්දා සමත් වී තිබෙනවා.
මෙම ජයග්‍රහණයෙන් අනතුරුව ඇය ලබන වසරේ පැවැත්වෙන ලෝක විවාහ රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ද නියමිතයි.
ජය ලැබූ අමන්දා සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණේ මම ජයග්‍රහණය අමතක නොවන මොහොතක් බවයි.
මෙම ජයග්‍රහණය පිටුපස සිටින ප්‍රධානතම ආධාරකරුවන් දෙදෙනා වන්නේ තම සැමියා සහ දරුවා බව ද ඇය සඳහන් කර තිබෙනවා.


