අදානි සමාගම මෙරට ඉදිකිරීමට නියමිත සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අදාළ ව්‍යෘපති සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව ද පදනම් කර ගනිමින්.
අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, අදාළ සුළං විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම කමිටුව අංශ කිහිපයක් ඔස්සේ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.
මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කිරීමට අපේක්ෂිත විදුලිය ප්‍රමාණය මෙගා වෝට් 484 ක් වන අතර බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මේ වනවිටත් අදානි සමාගම යම් ආයෝජනයක් සිදු කර ඇති බවයි.
කෙසේ වෙතත් අදාළ කමිටුවේ වාර්තාව හා නිර්දේශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය යම් තීරණයක් ගනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
