Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාර්ගගත ක්‍රමවේදයට දුම්රිය ආසන වෙන්කිරීමේදී සිදු කරන වංචාවක් පිළිබඳව පැමිණිල්ලක්

2 years ago

මාර්ගගතව දුම්රිය ආසන වෙන්කර විදේශ සංචාරකයන්ට වැඩි මිලකට අලවි කරන වංචාවක්.

දුරගමන් සේවා දුම්රිය වල ආසන වෙන්කර ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර බව ප්‍රවාහ සහ මහා මාර්ග නියෝජ්ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

කිසියම් කණ්ඩායමක් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ප්‍රවේශ පත්‍ර බහුතරයක් වෙන්කර පසුව ඒවා දෙස් විදෙස් සංචාරකයන්ට වැඩි මිලකට අලවි කරන බවට පැමිණිලි ලැබී ඇතිබව පැවසීය.

මේ හේතුවෙන් සංචාරයේ යෙදෙන්නන්ට දැඩි පීඩාවක් සිදු වන අතර එම ක්‍රියාවේ නිරත පුද්ගලයන්ගේ දුරකථන අංක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට බාරදී තිබෙයි.

ඒ අනුව අදාළ වංචාවෙ නිරත සියලු පුද්ගලයන් කඩිනමින් අත්තඩංගුවට ගැනීමට හැකි වනු ඇතිබව පැවසීය.