ගොඩකවෙල පොලිස් වසමේ ගොඩකවෙල – අම්මඩුව ප්රදේශයේදී ගසක අත්තක් වැදී පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ (11) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 13ක් වූ රංවල, ගොඩකවෙල ප්රදේශයේ පදිංචි දරුවෙක්.
මියගිය දරුවාගේ පියා සහ තවත් පුද්ගලයෙකු දිරා ගිය කොස් ගසක් කපා බිම දැමීමේදී එහි අත්තක් මියගිය දරුවාගේ හිසෙහි වැදීමෙන් මෙම මරණය සිදුව ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
