වඳවීමේ තර්ජනයට ලක් ව තිබෙන බිනර ශාකයක් සන්තකයේ තබාගත් ඊශ්‍රායල් ජාතික කාන්තාවකට රුපියල් 80,000ක දඩයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (12) නියම කර තිබෙනවා.
ගම්පොළ අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් අදාල ඊශ්‍රායල් කාන්තාව හන්තාන රක්ෂිතයේදී ඊයේ(11) අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් 36 හැවිරිදි අදාළ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 80,000ක දඩයක් නියම කර ඇති අතර ඇයව ඇප බැදුම්කරයක් මත මුදා හැරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
හන්‍තාන රක්ෂිතයේ දී 36 හැවිරිදි ඊශ්‍රායල් ජාතික කාන්තාව ගම්පොළ අඩවි වන නිලධාරී කාර්යාලය මගින් ඊයේ (11) පස්වරු 4.30 ට පමණ අත්අඩංගුවට ගැනුණා.
දඩ මුදල ගෙවීමෙන් පසු අධිකරණය භාරයේ තිබූ ඊශ්‍රායල් ජාතික කාන්තාවගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඇයට භාර දී තිබෙනවා.
