වන සතුන් මඟින් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි ගොවි සංවිධාන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ඒකකයක් සෑම ග්‍රාම සේවා වසමකම ස්ථාපිත කිරීමට මහනුවර සම්බන්ධීකරණ කමිටුවේදී තීරණය කළ බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පවසයි.
ගොවි සංවිධාන නියෝජිතයන් මඟින් ප්‍රශ්නය නිවැරදිව හඳුනා ගැනීමත් ඔවුන්ගේ යෝජනා මඟින් ගැටලුවට ලබාදිය යුතු විසඳුම් කවරේ ද යන්න හඳුනා ගැනීමත් කළ යුතුව තිබෙන බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා කෘපනිස නිලධාරීන් ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ බවත් ඔහු කීය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව ඊයේ (11) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ පැවසුවේය.
