Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‍රිලා උවදුර තුරන් කිරීම සඳහා රිලා වන්ද්‍යකරනය ඇරඹෙයි

2 years ago

ගහනය ඉහළයෑමෙන් වගාවන්ට සහ දෛනික ජනජීවිතයටද බලපෑම් එල්ල කර ඇති රිළවුන් වන්ද්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් මාතලේදී අද ආරම්භ කෙරුණා. 

මෙහිදි අල්ලා ගන්නා රිළවුන් ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානයට රැගෙන ගොස් වන්ධ්‍යාකරණයට ලක් කර පසුව යළිත් එම ප්‍රදේශයටම මුදා හැරීමට නියමිතය.

මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4.5කි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය පැවසුවේ දිගුකාලීනව ගහනය පාලනය කිරීම සඳහා වූ නියමු ව්‍යාපෘතියක් මෙලෙස ආරම්භ කළ බවය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙම වැඩසටහනෙහි ප්‍රතිඵල කඩිනමින් බලාපොරොත්තු විය නොහැකි බවයි.