Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිසැර වැදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සැඟවූ දෙදෙනෙකු අත්අඩංගුවට

2 years ago

විදුලිසැර වැදී මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් සැඟවූ පුද්ගලයින් දෙදෙනෙකු ඌරගස්මංහන්දිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා පසුගිය 09වන දින කුරුඳු තැලීම සඳහා මාතර ප්‍රදේශයට යන බව පවසා නිවසෙන් පිටත්ව ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එහෙත් 11වන දින තෙක් ඔහු නිවසට නොපැමිණීම පිළිබඳව පවුලේ ඥාතීන් විසින් ඌරගස්මංහන්දිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා. 

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී පොලිසියට ලද තොරතුරක් මත සිද්ධියට සැකපිට සතුන් දඩයම් කිරීම සඳහා විදුලි රැහැන් අදින පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තමන් විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී එම පුද්ගලයා ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ඔවුන් දෙදෙනා විසින් ප්‍රකාශ කළ බවයි පොලීසිය පැවසුවේ. 

අදාළ මෘත ශරීරයද කිසිවෙකු නොදන්වා පාළු ඉඩමක වැසිකිළි වළකට දැමීමට ඔවුන් දෙදෙනා කටයුතු කර තිබෙනවා. 

ඒ අනුව ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.