මීගොඩ, නාගහවත්ත ප්රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
ඊයේ (14) රාත්රීයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 32 හැවිරිදි එක් දරු පියෙක් .
මරණකරුගේ සහෝදරයාගේ නිවසේ සිට මීගොඩ නාගහවත්ත ප්රදේශයේ තම නිවස වෙත යමින් සිටියදී නාඳුනන පුද්ගලයෙක් මෝටර් රථය නවතා ඇති අතර තවත් පුද්ගලයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙඩි වැදීමෙන් පසු බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
එම වෙඩිතැබීම සිදුවන විට වයස අවුරුදු එකහමාරක් වු මරණකුරුගේ දියණිය සහ බිරිඳ මෝටර් රථයේ සිට ඇති බවට වාර්තා ව්නාවා.
වෙඩි තැබු පුද්ගලයින් මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර මීගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
