Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති බිමල් හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

2 years ago

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්  සන්තෝෂ් ජා (Santosh Jha) මහතා  සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර හමුවක් ඊයේ (13) සිදුව තිබෙනවා.

ඒ බත්තරමුල්ල, මඟනැගුම පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේ දී.

ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයකින් මෙහි දී කතාකර තිබෙනවා.

එමෙන් ම අසල්වැසියෙකු වන ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් රැකගැනීම සඳහා අවශ්‍ය වන ඉන්දීය රජයේ සහයෝගය නොඅඩුව ලබාදෙන බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර තිබෙනවා.