Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති රටින් පිටව යයි

2 years ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 17 වන දින දක්වා සිය රාජ්‍ය සංචාරය ආරම්භ කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාව බලා පිටත්ව ගියා.

ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් පසුව විදෙස් සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී දෙරට අතර බහු විධ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමගද නිළ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිත අතර නවදිල්ලි හී පිහිටි රාශ්ඨපතිභවන් හිදී එම හමුව පැවැත්වෙන්නේ හෙටයි.

එසේම ජනාධිපතිවරයා මෙහිදී දෙරට අතර ආයෝජන සහ වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිල්ලියේ පැවැත්වෙන ව්‍යාපාරික හමුවකටද එක් වනු ඇති.