ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ පත්කර තිබෙනවා.
ඒ අනූව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ 20 වැනි සභාපතිවරයා ලෙසයි ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ වැඩ භාරගෙන තිබෙන්නේ.
මේ අතර එහි පත්කර තිබෙන නව අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ගණන 06ක්.
සුනේත්‍රා රාජකරුණානායක, අබ්දුල් රසාක් අබ්දුල් කරීම්, සිවසාමි රාජසිංහම්, ආචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය ආනන්ද තිස්ස හා පී. හේමචන්ද්‍ර යන අයයි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ලෙස පත්කර ඇත්තේ.
බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් ඔවුන්ගේ පත්වීම් ලිපි භාරදුන්නා.
ඒ අමාත්‍යංශ පරිශ්‍රයේදී අද (16) පෙරවරුවේ පැවති උත්සවයකදීයි.
