Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රි රාමනාදන් අර්චුනාට ඇප හිමි වෙයි

2 years ago

යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා ඇප මත මුදාහැර තිබේ.

ඒ සිද්ධියට අදාළ නඩුව අද (16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

ඔහුට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ කෞසල්‍යා යන අයට ද ඇප නියම කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට දැඩි ලෙස අවවාද කොට මුදාහැර තිබේ.

මෙම නඩුව එළඹෙන පෙබරවාරි 07 වනදා යළි කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.

තමන්ට බැන තර්ජනය කළ බව පවසමින් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති විසින් පසුගියදා යාපනය පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.