ඉකුත්දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පිළිබඳ විභාගය අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි ආරම්භ වුණා.
යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.
අද දින පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම අවසන් කළා.
හෙට දින වග උත්තරකර පාර්ශවය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අතරතුර යම් සමථයක් තිබේ නම් හෙට දින අධිකරණයට දෙන දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පාර්ශවකරුවන්ට නියෝග කළා.
