Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබා දුන් එන්නතක් හේතුවෙන් සරසවි සිසුන් 07ක් රෝහල්ගත කරයි! කල් ඉකුත් වූ එන්නත් ලබා දුන් බවට චෝදනාවක්!

2 years ago

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසු සිසුවියන් 07 දෙනෙකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන් එන්නත් හේතුවෙන් සිසුවියන් 06 කු සහ එක් සිසුවකු හදිසි අසනීප තත්ත්වයකට ලක්ව අද (17) දා දහවල් බෙලිහුල්ඔය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරුකර යවා ඇති බව සමනල වැව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙකු සඳහන් කළේ විශ්වවිද්‍යාලය තුළ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මාස දෙකක් පමණ කල් ඉකුත් වී ඇති එන්නත් අද දහවල් ලබා දීම හේතුවෙන් මෙම රෝග තත්ත්වය ඇති වී තිබෙන බවයි.

බෙලිහුල්ඔය ප්‍රදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් බැලීම සදහා සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැමිණ අතර ඒ මහාතාගෙන් මේ සම්බන්දයෙන් කළ විමසීමකදී පැවැසුවේ, ඇති වී තිබෙන සිද්ධිය සම්බන්දයෙන් විශ්වවිද්‍යාලය තුලින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.