Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පරිපාලනයයේ පහරදීමකින් කන්දකාඩු කඳවුරේ රැඳවියෙකු මරුට! රැඳවියන් 600කට ආසන්න පිරිසක් පළා යති!

4 years ago

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙක් කඳවුර පරිපාලකයින්ගේ පහර දීමකට ලක්වී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇතැයි කියන සිද්ධියක් මුල් කරගෙන මේ වනවිට හමුදාව සහ රැඳවියන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මේ වනවිට පහර දී මරා දැමූ බව කියන රැඳවියාගේ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා නොදී රැඳවියන් විසින් තබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රැඳවියන් ප්‍රකාශ කරන්නේ මේ සිදුවූයේ ඝාතනයක් බවත්, ඊට සාධාරණයක් අවශ්‍ය බවත් නැවත මෙවැනි මිනී මැරුම් මෙවැනි කඳවුරක සිදු නොවිය. යුතු බවත්ය.

මේ වනවිට පිරිසක් කඳවුරේ ආරක්ෂක වැටවල් කඩාගෙන පිටට පැමිණ ඇති බවත් වාර්තා වේ.

මේ සිදුවීම හේතුවෙන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 600ක් පමණ අද (29) අලුයම එයින් පළා ගො ඇති බව වාර්තා වේ.

මේ වන ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.