ඔස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයෙක් ට වසර 37ක සිරදඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දුකර තිබේ.
එසේ සිරදඬුවම් නියම කෙරුණේ 47 හැවිරිදි පුද්ගලයෙක්ට වන අතර එම කුරිරු ඝාතනය පිළිබඳ තොරතුරු ඊයේ වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේදී විස්තර කර තිබුණි.
විනිසුරු අමන්ඩා ෆොක්ස් පැවසුවේ ඔහුට සමාව දීමක් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ වසර 30කට පසුව බවයි.
මීට වසර 2කට පමණ පෙර ඔහු විසින් පොරොවකින් පහරදී සිය බිරිඳව ඝාතනය කර තිබුණි.
එවකට ඇය 43 හැවිරිදි වියේ පසුවිය.
සිය සැමියාගෙන් වෙන්වීම සඳහා ඇය සූදානමින් සිටි බව ද අධිකරණයේදී හෙළිවිය.
