ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ජාතික පුවත්පතක පළ වූ පුවතක අඩංගු කරුණු සාවද්‍ය බව පවසමින් ඛනිජතෙල් නීතිගත සංස්ථා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණාගේ අත්සනින් යුත් ලිපියක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ එම සාවද්‍ය පුවත සම්බන්ධයෙන් විමශර්නයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව හමුවේ පැමිණිලි කරන බවයි.
“තෙල් සංස්ථාවේ සභාපති පඩිය හා දීමනා දෙගුණයකින් වැඩි කරගෙන – තෙල් අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු කති ” යන මැයෙන් පසුගිය 18 වැනිදා මෙරට ජාතික පුවත්පතක මුල් පිටුවේ ප්‍රවෘත්තියක් පළ වී තිබුණා.
එම ලිපියට අනුව එම ප්‍රවෘත්තිය හරහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ සභාපතිවරයාගේ කීතරිනාමයට බරපතළ හානියක් සිදුව ඇති බවට සඳහන්.
එම කරුණු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත්කර තිබූ මෙම නිවේදනය මාධ්‍යයේ පළ කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍ය ආයතන වෙත දැනුම් දීමක්ද කර තිබෙනවා.

