Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

2 years ago

වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සහ ඊ.පී.ඩී.පී. පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සංවිධායකව සිටි කුලසිංහම් තිලීපන් සහ ඔහුගේ ලේකම් වරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අද (20) වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩම් ලබා දෙන බව පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වංචා කිරීම සම්බන්ධ නඩුවකට අදාලව ඔහු මෙසේ අත් අඩංගුවට පත්ව තිබේ.

හිටපු මන්ත්‍රීවරයා 2020 වසරේදී පැවැති මහ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පසුගිය දා කුලසිංහම් තිලීපන් ඊ.පී.ඩී.පී පක්ෂයෙන් හා එම පක්ෂයේ සියලුම තනතුරු වලින් ඉවත්ව වූ අතර, තමන් පුද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වන බවයි ඔහු පැවසුවේ.