Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක්! එක් අයෙක් මරුට!

2 years ago

අද (21) අළුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කොට්ටාව සිට ගාල්ල බලා ධාවන වූ වෑන් රථයක්, ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ වෑන් රථය ලොරියට ඉස්සර කිරීමට යාමේදී වෑන් රථයේ වම් පස ලොරියේ පසුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ 62 හැවිරිදි පුද්ගයෙකු මියගොස් ඇති අතර, තවත් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබ‍ෙ

වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.