කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් කඩුගන්නාව, හේනාවල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවු දෙදෙනෙකු මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.
බස් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අද (21) පෙරවරුවේ හැටන් ප්‍රදේශයේ දී ද පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් 46 දෙනෙකු තුවාල ලැබීය.
