Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රීරෝද රථ කොටස් කර අලෙවි කළ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් අත්අඩංගුවට

2 years ago

බලපත්‍ර, අංක තහඩු නොමැති ත්‍රීරෝද රථ කොටස් කර අලෙවි කළ රත්තොට ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත රත්තොට – ඇහැළ ගස්හින්න ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

අදාළ අලෙවිසැල තුළ සැකකරු විසින් ත්‍රී රෝද රථ කොටස් කර ඒවා අලෙවි කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එහි නීතියානුකූලභාවය තහවුරු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.