Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් නොමැතිකම නිසා පාසල් යන්න ලොරියකට ගොඩ වූ දරුවන් අනතුරකට මුහුණ දෙයි! 13ක් රෝහල් ගත කෙරෙයි!

4 years ago

ගලෙන්බිදුණුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් 13 දෙනෙකු, ලොරි රථයකින් ඇද වැටී ඊයේ(30) දිනයේ රෝහල් ගත කර තිබෙනවා.

දරුවන් පාසල් වෙත යාම සදහා බස් රථය එනතුරු බලා සිටිය ද එය නොපැමිණීම නිසා, පාසලට යාමට කුඩා ලොරි රථයකට ගොඩ වී ඇති අතර දරුවන් ද රැගෙන පාසල වෙත යමින් තිබුනු එම ලොරි රථයේ තට්ටුව අතර මග දී කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන මොහොතේ ලොරි රථයේ සිට ඇති දරුවන් 37 දෙනාගෙන් 13 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබේ.

තුවාල ලබා ඇති දරුවන් ගලෙන්බිදුණුවැව ග්‍රාමීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

ඉසුරුකාවින්ද – ගලෙන්බිදුණුවැව