Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැබ් රථයක් හදිසියේම ගිනි අරන්! පිටුපස අසුනෙන් ගිනිගත් මළ සිරුරක් හමුවෙයි!

2 years ago

හබරණ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක් වු කැබ් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

හබරණ, මින්නේරිය මාර්ගයේ 39 කණුව ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රීයේ කැබ් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබු අතර පොළොන්නරුව ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩ පවත්වනු ලැබුවා.

සිදුකළ විමර්ශනවල දී අදාළ මෝටර් රථය තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ එම කැබ් රථයේ හිමිකරු බවට සැක කෙරෙන අතර මළ සිරුර කැබ් රථයේ පිටුපස අසුනේ තිබී ඇති බව සඳහන්.

කැබ් රථයේ හිමිකරු දෙකටන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවත් මෙය ඝාතනයක් ද, නැතහොත් සියදිවි හානි කරගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.