Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නත්තලට කළුතර හිරගෙදරින් නිදහස ලැබූ රුසියානු අම්මයි සිව් හැවිරිදි දුවයි

2 years ago

කළුතර බන්ධනාගාරයේ සිටි සිරකරුවන් පිරිසකට ද නත්තල් උත්සවය නිමිත්තෙන් ඊයේ (25) නිදහස ලැබුණි.

ඒ යටතේ විවිධ චෝදනාවලට ලක්ව දඬුවම් ලැබ සිටි කළුතර බන්ධනාගාරායේ සිටි 16 දෙනෙක්ද නිදහස ලැබූහ.

නිදහස් ලැබූ රැඳවියන් අතර රුසියන් ජාතික විදේශ කාන්තාවක සහ ඇයගේ අවුරුදු 4ක සිඟිති දියණිය ද සිටින බව මල්වත්ත බන්ධනාගාර අධිකාරී වසන්ත කුමාර ඩෙප් මහතා පැවසීය.

විදේශීය කාන්තාව වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව යටතේ කළුතර අධිකරණය මගින් දඬුවම් ලැබ සිට ඇත.

දියණිය සහ කාන්තාව වැලිසර ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව ඉදිරි දිනක දී රටින් පිටුවහල් කිරීමට නියමිතව ඇත.