අද (27) දෝහා සිට පැරිස් නුවර දක්වා පියාසර කළ ගුවන් යානයක ගුවන් මගියෙකු ලෙස පැමිණි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී ඇය හදිසියේ අසනීප වී ඇති බැවින් එම ගුවන් යානය ඉරාකයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඉල්ලා ඇත්තේ හදිසි ගොඩබෑමක් සඳහා අවශ්‍යතාවක් පවතින බවයි.
ඒ අනුව අදාළ ගුවන් යානය ගොඩ බා වෛද්‍ය ආධාර පැමිණෙමින් සිටින අවස්ථාවේ දී ශ්‍රී ලාංකිකක කාන්තාව කුර්දිස්තාන් කලාපයේ දී ජීවිතක්ෂයට පත් ව ඇති බවයි ශ්‍රී ලංකාවේ කුර්දි නුවර කොන්සල් අහමඩ් ජලාල් මහතා ප්‍රකාශ කළේ.
81 හැවිරිදි වියෙහු පසු වූ මෙම කාන්තාව ජීවත් ව ඇත්තේ ප්‍රංශයේ බවත් ඇයගේ පුත්‍රයා ප්‍රංශ පුරවැසියෙකු බවත් හෙළි ව තිබෙනවා.
