Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිලියන 9ක අල්ලසක් ගත් හිටපු මන්ත්‍රීවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

2 years ago

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සලෝචන ගමගේ සහ තවත් අයෙක් ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් මිලියන 9ක අල්ලසක් ගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් ඊයේ(27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේ ටොරිංටන් මාවතේ තිබූ පුද්ගලික ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා දී එම ඉඩමට අදාළ කෝටි දහයක පමණ මුදලක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගන්නට අදාළ ඉඩම අයිති පාර්ශවයට මේ දෙදෙනා විසින් උපකාර කොට ඇති අතර ඊට අල්ලසක් ලෙස මුදලක් තමන්ට අවශ්‍ය බව පවසා තිබෙනවා.

අල්ලස් කොමිසම පැවසුවේ වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.