ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (28) නවදිල්ලියේ කොංග්‍රස් පක්ෂ මූලස්ථානයට පැමිණියා.
ඒ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංට අවසන් ගෞරව දැක්වීම සඳහායි.
ඊයේ (27) ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වුණා.
මේ අතර ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වීමට නියමිතය.
