Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ඇමති මනූෂගේ සහෝදරයාට අධිකරණයෙන් දුන් නියෝගය

2 years ago

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා.

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුට එරෙහිව ලැබුණු පැමිණිල්ලේ සඳහන්ව තිබුණේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බවයි.

ඉදිරි විමශර්න වලට මෙම සිද්ධියට අදාළ තවත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගැනීම පිළිබඳ තීරණය කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.