Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යල කන්නයේ වගා හානි වන්දි මුදල් ගෙවීම ගැන දැනුම්දීමක්

2 years ago

ගංවතුර, නියඟ සහ වල් අලි උවදුරු හේතුවෙන් 2024 යල කන්නයේ සිදු වූ වගා හානි සඳහා සියලු වන්දි ජනවාරි 5 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.

2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් දක්වා විවිධ හේතූන් මත, වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ වීමට ලක් වූ අතර නියඟ, ගංවතුර සහ වල් අලි හානි ඊට මූලික වී ඇතැයි හඳුනා ගෙන ඇත.

මේ වන විට ගොවීන් 80% කට ආසන්නප්‍රමාණයකට රුපියල් මිලියන 80 කට ආසන්න වගා හානි වන්දි මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇතැයි ද ඉතිරි ගොවීන් සියලු දෙනාටම ජනවාරි 5 දින වන විටදී අදාල වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර ඇතැයිද කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.

එම වන්දි මුදල සෘජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට කටයුතු යොදා ඇතැයිද 2024/ 2025 මහ කන්නයට අදාල වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වන විට ගෙවීමට කටයුතු යොදා තිබෙන්නේ යැයිද ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.