Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී පාද වන්දනා නඩයක් රැගත් රථයක් බිහිසුණු අනතුරකට ලක් වෙයි

2 years ago

එකම පවුලේ ඥාතින් පිරිසක් ගමන් කළ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (30) අනතුරට පත් විමෙන් ජීප් රථයේ ගමන් ගත් පස්දෙනෙකු තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඉන්පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල වීම නිසා ඔවුන් දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවූ බවයි මස්කෙලිය පොලිසිය පවසන්නේ.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි නඩයක් රැගත් ජීප් රථයක් මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී තිබෙනවා.

ජීප් රථය අනතුරට පත්වන අවස්ථාවේ එම රථය තුළ හත්දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් කුඩා ළමයෙකු සහ රියදුරා සුළු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.