රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එහි ඇතැම් දත්ත ද වෙනස් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) මේ වන විට විමර්ශනය කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින් සිටින බවට නිරීක්ෂණය වන බවයි.
