නව යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා අද (31) උදෑසන සිය ධුරයේ වැඩභාරගෙන තිබෙනවා.
ඒ අකුරේගොඩ පිහිටි යුද හමුදා මුලස්ථානයේ දී.
ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයායි.
නව යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිවරයා ලෙස ද කටයුතු කර තිබුණා.
