Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිංගිරියේදී මාලිමාවේ මන්ත්‍රීවරුන්ට බාධා කළ සැකකරුවන් රිමාන්ඩ්

2 years ago

ඊයේ (30) බිංගිරිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ පාලරීමේන්තු මන්ත්‍රීවරුන් වන විජේසිරි බස්නායක සහ අජිත් ගිහාන් යන අය පෞද්ගලික සමාගමකට පැමිණීමට එරෙහිව පිරිසක් විරෝධතා දැක්වූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එහිදී ඔවුන් හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025 ජනවාරි 7 වන දින දක්වා දෙදෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

එමෙන්ම මෙම සිදුවීමට අදාලව පුද්ගලයින් 06 දෙනෙකුට වැඩි පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය ඇතිවී තිබුණේ, ඊයේ පස්වරුවේ කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හල් පරිශ්‍රයක දීය.

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් ප්‍රනාන්දු සහ එහි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක යන ඊයේ පස්වරුවේ එහි ගොස් තිබුණි.

ඒ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් වූ ගැටලුවක් පිළිබඳ සාකච්ඡා කිරීමටය.

කෙසේ වෙතත් පැයක පමණ කාලයක් ආයතනය අභ්‍යන්තරයේ පැවති සාකච්ඡාවකින් පසු පිටතට පැමිණි මන්ත්‍රීවරුන්ට කම්හල් සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වුණි.