නව වසර උදා වේ සාමාන්‍ය සම්ප්රදායක් ලෙස සිද්ධ වන, ඉහළ නිළධාරීන්ට තුටු පඩුරු (හැම්පර්ස්) පිරිනැමීම වළක්වාලමින් වැඩ බලන පොලිස්පතිවරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව, ඉහළ පොලිස් නිළධාරීන්ට තුටු පඩුරු පිරිනැමීමත්, එම ඉහළ නිළධාරීන් විසින් එකී තුටු පඩුරු භාර ගැනීමත් මින් ඉදිරියට තහනම් කර තිබේ.
මෙය පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට සියළු ඉහළ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට අදාළ වන බව සඳහන්.
මෙම චක්‍රලේඛය පිළිනොපදින ඕනෑම නිළධාරියෙකුට එරෙහිව විනය පියවර ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා පවසයි.
නව වසර වෙනුවෙන් ඉහළ නිළධාරීන්ට සුබ පැතීමට අවශ්‍ය නම්, ඒ සදහා ඔවුන් හමුවීම අත්‍යවශ්‍ය නොවන බවයි පොලිස්පතිවරයා අවධාරණය කරන්නේ.
නව වසර සඳහා සුබ පැතීම වට්ස්ඇප් පණිවිඩයක් මගින් කළ හැකි බවද ඔහු සිහිපත් කර දෙයි.
