Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අරක්කු බොන්න රුපියල් තුන්සියයක් නොදුන් තරහට එක්දරු මව මරා ගෙලවැලලාගත් සැමියෙක්

2 years ago

මත්පැන් බොන්නට රුපියල් තුන්සියයක් නොදුන්නැයි බහින්බස් වී උදැල්ලෙන් පහරදී බිරිය ඝාතනය කොට සැමියා ද කජු ගසක ගෙලවැලලාගන සියදිවි හානි කරගත් පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කුලියාපිටිය පොලිසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.

එම සිදුවීමෙන් ඝාතනය වී තිබුණේ 37 හැවිරිදි එක්දරු මවක් වන ආතර සියදිවි හානිකරගන තිබුණේ 42 හැවිරිදි පරගහරුප්ප, පහළ එලතලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

2010 දී පමණ විවාහ දිවියට ඇතුළත්ව කලකදී වෙන්ව දිවිගෙවමින් සිට තිබූ මරණකරුවන් දෙපළ යළිත් එක්ව වාසය කරමින් සිටියදී එම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළා.

ඔවුන් දෙදෙනාට දාව වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු ද සිටින බව කියන පොලීසිය වැඩිදුරටත් පැවසුවේ මවගේ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිය ද පුතු බවයි.

කාන්තාවගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු දක්වන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඝාතකයාගේ ගෙලවැලලා ගැනීම සියදිවි හානිකරහැනීමක් හේතුවෙන් ඒ පිළිබඳව පරික්ෂණය හදිසි මරණ පරීක්ෂකවරයා සිදුකිරීමට නියමිත බව ද පොලිසිය පැවසුවා.