Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිරිඳගේ අනියම් පෙම නිසා නීත්‍යානුකූල සැමියා මරුට

2 years ago

බිරිඳගේ අනියම් පෙමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග ගොස් කළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම සිදුව තිබුණේ ඊයේ (01) දහවල් බලංගොඩ – මස්සැන්න ප්‍රදේශයේ දියි.

මෙම පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්සැන්න – උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි ව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරුගේ බිරිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මරණකරු නොමැති අවස්ථාවල දී ඔහුගේ (මියගිය අයගේ) නිවසට පැමිණ ආපසු යමින් සිටින ආකාරය මරණකරු දැක තිබෙනවා.

පසුව මරණකරු (සැමියා) සහ අනියම් පුද්ගලයා අතර බහින්බස් වීමක් ඇති ව ඔහුට පහරදීමට මරණකරු උත්සාහ දැරීමේ දී ඇද වැටීමෙන් මෙම මරණය සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර පිරිමි පුද්ගලයා අත් අඩංගුවට ගත් බව බළංගොඩ පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.